හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට!

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට!

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදි හෙරෝයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම සිදු කර ඇත්තේ ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.
ඔවුන්ගෙන් එක පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 250ක් ද, අනෙක් පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 700 මිලි ග්‍රෑම් 100ක් ද සිය භාරයට ගත බව ද, ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේය.

Share this: