හෙරොයින් සහ හෂීස් කිලෝග්‍රෑම් 121කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 2,800ක් පමණ වේ.
රාජ්‍ය බුද්ධි සේවය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ සම්බන්ධීකරණ බුද්ධි මෙහෙයුමකින් ලබාගත් තොරතුරු මත හෙරොයින් කිලෝග්‍රෑම් 111 යි ග්‍රෑම් 606 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 254 ක් (පැකේජ ඇතුළුව) රැගෙන යමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවට දකුණින් දෙවුන්දරට ඔබ්බෙන් නාවික සැතපුම් 413ක් (කිලෝමීටර් 764ක් පමණ) දුරින් ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමෙන් මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා 18 වැනිදා පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පෞද්ගලිකව පරීක්ෂා කිරීම සඳහාය.