පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි 16 හැවිරිදි දැරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට මැයි 22 වැනිදා ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
සැකකාර දැරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
Share this: