හෙරොයින් ජාවාරම්කරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ගැන නීතිපති අභියෝග කරයි

හෙරොයින් ජාවාරම්කරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ගැන නීතිපති අභියෝග කරයි

නීතිපති සංජය රාජරත්නම් මහතා කොළඹ ට්‍රයල් ඇට් බාර් විසින් මේ මස මුලදී ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ කිලෝග්‍රෑම් 196ක් බරැති හෙරොයින් තොගයක් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයන් පස්දෙනෙකු අප්‍රේල් 06 වැනිදා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

මෙම නඩුවේ විභාගය අවසන් කිරීමෙන් පසු විත්තිකරු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වූ බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලදී.

ඒ අනුව එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට නීතිපතිවරයා තීරණය කළේය.

Share this: