හෙට සිට කොළඹ සහ අවට මංතීරු නීතිය

හෙට සිට කොළඹ සහ අවට මංතීරු නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට(6) සිට කොළඹ සහ ඒ අවට මාර්ග කිහිපයක මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලීසිය තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව හෙට උදෑසන 07. 30 සිට ලබන 10 වනදා සවස දක්වා අත්හදා බැලිමක් වශයෙන් මෙම නීතිය කි‍්‍රයාත්මක කෙරෙනු ඇති, අතර, මොරටුව සිට ගාලූ පාරේ ගාලූ මුවදොර එන්.එස්. ඒ. වට රවුම දක්වාත්, කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දක්වා ඩුප්ලිකේෂන් මාර්ගයේ මෙම නීතිය කි‍්‍රයාත්මක වනු ඇත.

ඊට අමතරව බොරැල්ල සේනානායක හන්දියේ සිට ශී‍්‍ර ජයවර්ධනපුර පාරේ පොල්දූව දක්වාත්, පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ දක්වා සහ පෑලියගොඩ සිට මීගමුව පාරේ වත්තල දක්වාත් මෙම මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොතු වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අදාළ කාලසීමාව තුළ දී මෙය අත්හදා බැලීමක් වශයෙන් සිදු කරනු ලබන අතර පසුව මෙම නීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙහි අරමුණ වනුයේ රථ වාහන තදබදය අවම කිරීම හා අනතුරු අවම කිරීම සහා අනතුරු අවම කිරීම වේ.

තවද, මෙම මාර්ගවල නොසැලකිලිමත් ආකාරයෙන් මංතීරු හරහා රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම තහනම් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින අතර එවැනි පුත්ගලයන්ට නිතිය තදින්ම ක්‍රියාකරන බව පොලිසිය පවසි.

Share this: