හෙට (21) වැනිදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔහු සිය බිරිඳ සමඟ අමෙරිකාව බලා පිටත්ව ගියේය පසුගිය ජනවාරි මස 11 වන දින ය.
පොලීසිය පසුගිය දිනයන්හී පැවසුවේ, දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මුදල් වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සඳහා ඒ මහතාව ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
තවද, ඒ සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද පසුගිය දිනක නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ පොලිස් පරීක්ෂණ වලට සහය දැක්වීම සඳහා තමා දිවයිනට එළඹෙන 21 වන දින පැමිණෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.
Share this: