හෙට දිවුරුම් දෙන ලකුණු!

හෙට දිවුරුම් දෙන ලකුණු!

නව රජයක් සදහා පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිම හෙට(25) දිනයේ සිදු කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අදාළ දිවුරුම්දීම් සිදු වනු ඇති අතර, කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුවේ ආමාත්‍යධුර දැරු අමාත්‍යවරුන්ගේ විෂයපතයන් වෙනස්වනු ඇත.

විශේෂයෙන් ප්‍රධාන අමාත්‍යධුර රැසක මෙම වෙනස්විම් සිදුවන අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 45 දෙනෙකුට සිමා විය යුතුය.

ඒ අනුව දැනට මේ පිළිබඳව ගැටළු සහගත තත්ත්වයත් උද්ගතවී ඇති බව සඳහන්ය.

පසුගියදා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අබෝධතා ගිවිසුමක් අත්සන් තබා එම දෙපාර්ශවය ජාතික ආණ්ඩුවක් තුළ කටයුතු කිරිම මිට හේතුව වී තිබේ..

Share this: