හුදෙකලා කර සිටි ගම්මානවල සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

හුදෙකලා කර සිටි ගම්මානවල සිටින ජනතාවට විශේෂ දැනුම් දීමක්

කොළඹ නාගලගං වීදිය, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාඹරේ මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා.

කෙසේවෙතත් මරදාන – සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත, මහනුවර – අකුරණ සහ බේරුවල – පන්නිල හා චීනකොටුව යන ප්‍රදේශ හුදෙකලා කරමින් පනවා තිබූ දැඩි සංචරන සීමා ඊයේ (03) ඉවත් කළා.
මෙලෙස සීමා ලිහිල් කිරීම සැහැල්ලූවක් ලෙස නොසලකන ලෙසයි එම ප්‍රදේශවල වැසියන්ගෙන් රජය නැවත ඉල්ලා සිටිනවා.

එම ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස් ගරු නොකරන්නේ නම් පැවති සීමා යලි පැනවීමට සිදුවන ඇතැයිද මෙහිදී ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනාරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ජනතාව යළිත් පරණ පුරුදු ලෙස හැසිරෙමින් ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි. අවදානම නොතකා ජනතාව යළිත් කටයුතු කරන්නේ නම් අවදානම තවදුරටත් පහව නොයනු ඇති බවයි පෙන්වා දුන්නේ.

Share this: