හිරු සුපිරි නර්තන කිරුළ නෙත්මි ආශිංසනාට fShare

හිරු සුපිරි නර්තන කිරුළ නෙත්මි ආශිංසනාට fShare

හිරු Super Dancer – Season 2 අවසන් මහා තරග රාත‍්‍රියේ සුපිරි නර්තන කිරුළ දිනා ගන්නට මිහින්තලයේ නෙත්මි ආශිංසනා සමත් වූවාය. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ අතින් ඇයට හිමි රන් කුසලානය සහ ලක්‍ෂ 23 කට වඩා වටිනාකමින් යුත් ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් පිරිනැමුණු අතර තවත් ත්‍යාග රැුසක් ඇයට සහ ඇගේ නර්තන ආචාර්යවරයා වූ ප‍්‍රදීප් රාජවික‍්‍රමට හිමි විය. දෙවැනි වරටත් උත්කර්ෂවත් අන්දමින් 23 වැනිදා සවස 7.30 ට නෙලූම් පොකුණ ජාතික ර`ගහලේදී හිරු Super Dancer – Season 2 අවසන් මහා තරගය කලාකරුවන් රැුසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. ත්‍යාග ප‍්‍රදානය සඳහා ප‍්‍රවීණ රංගනවේදී ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය මහතා, රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය සහ සම්පත් බැංකුව සහකාර සාමාන්‍යාධිකාරි සනත් අබේරත්න මහතා ද එක්වූහ.

Share this: