හිරුණිකාගේ නඩුව ගැන මහාධිකරණය ගත් තීරණය!

හිරුණිකාගේ නඩුව ගැන මහාධිකරණය ගත් තීරණය!

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් සාවද්‍ය ලෙස සිරගත කළ බවට චෝදනා එල්ල වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගයට දින නියම සදහා කොළඹ මහාධිකරණය පෙබරවාරි 28 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

මෙම නඩුව ඊයේ (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතීඥවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම නඩුව පෙබරවාරි 28 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

එදිනට නඩුව විභාග කරන දිනය නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

Share this: