අද පෙරවරුවේ, හිනිදුම, හල්ගහවෙල ප්‍රදේශයේ නිවසක සිදුවු වෙඩි තැබීමකින් තරුණයකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය.
අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි වැදිමෙන් තුවාල ලැබු තරුණයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
තවද, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව පොලිසිය සිදුකළ මුලික පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ තරුණයාගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හිනිදුම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: