ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී උත්සවය අද(17) දිනය අදට යෙදී තිබේ.
හින්දු භක්තිකයින් විසින් ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්ත්‍රෝත්‍ර ගායනය අද දිනය තුළ සිදුකරනු ලබයි.
ආදිකල්පික නිර්මාණය හා විශ්ව ආකර්ශනය සමරන ශිව දෙවියන්ගේ විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවූ බවට හින්දු ජනතාවගේ විශ්වාසයයි.
දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් තම ජීවිත වලින් මෝහාන්දකාරය පලවා හැරීමට මනුෂ්‍යයන් ගන්නා නිත්‍ය උත්සාහය මෙම උත්සවයේ විශේෂ අංගයක් වන පහන් දැල්වීම තුළින් සංඛේතවත් කෙරෙයි.
Share this: