හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඒ මහාතාගේ මාධ්‍ය ලේකම් රෝහාන් වැලිවිට මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය පහත පරිදි වෙයි.

නො. 32/1,
ඇවරියහේන පාර,
පොල්හේන්ගොඩ,
කොළඹ 05.
2015.07.12

පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

පොලිස්පතිතුමනි,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව

වසර 30 ක් පැවති යුද්ධය අවසන් කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජීවිතයට තර්ජනයක් එල්ලවී තිබෙන බවට අවස්ථා කිහිපයකදීම අනාවරණය වී ඇත.

එසේ තිබියදී 11.07.2015 දින හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එතුමා සහභාගී වූ උත්සව සඳහා ආරක්‍ෂාව ලබා දී නොමැත. එම දිස්ත‍්‍රික්කයේ වලස්මුල්ල පොලිස් බල ප‍්‍රදේශය තුල පැවති එකම රැුස්වීමකට හෝ පොලිස් ආරක්‍ෂාව ලබා දී තිබුනේ නැත.

එතුමාගේ ආරක්‍ෂක නිලධාරීන් පෙර පරිදි දිස්ත‍්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන්ට සහ වලස්මුල්ල පොලිස් බල ප‍්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට ද මෙම උත්සව පිළිබඳව දැනුවත් කර තිබිණ.

එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට නාමයෝජනා අත්සන් කර තිබෙන අවස්ථාවක එතුමාගේ ආරක්‍ෂාව තහවුරු කරන මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි,
හිතවත්,

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

පිටපත – මැතිවරණ කොමසාරිස්තුමා

Share this: