‘හිටපු ජනපති පරාජයට පත් වුනේ අපි නිසා නෙමේ’ – බොදු බල සේනා සංවිධානය

‘හිටපු ජනපති පරාජයට පත් වුනේ අපි නිසා නෙමේ’ – බොදු බල සේනා සංවිධානය

බොදුබල සේනා සංවිධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට වගකිව යුතු බවට ඒ මහතා දරණ ස්ථාවරය වැරදි සහගත බව එම සංවිධානය පවසයි.

ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරණයෙන් පරාජයටපත්වීමෙන් පසුවද රාජපක්ෂ මහතා අදාළ වැරදි මතයේම සිටීම වැරදි බවයි.

වසර දෙකක් බලයේ සිටිමට හැකියාව තිබියදී ජනාධිපතිවරණයක් තිබිය යුතු යැයි තීන්දු ගත්තේ තම සංවිධානය නිසා දැයි ඥානසාර හිමියන් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්ණ කර සිටින අතර, කලබයෙන් ජනාධිපතිවරණයක් කැඳවා ඉල්ලන් කෑමක් සිදු කරගෙන ඇති බවත් එය බොදු බල සේනාවේ වරදක් නොවන බව ද උන්වහන්සේ පැවසූහ.

2005 වසරේදී ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා 2009 වසරේ මැතිවරණයේදී ලක්ෂ 18 ඉක්මවා ඡන්ද ලබා ගත් නායකයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා ගේ ලබා ගත් ඡන්ද ප්‍රමාණය නැති කළේ බොදු බල සංවිධානය දැයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්ණ කර සිටියේය.

Share this: