හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා නිසා රුපියල් මිලියන 173ක පාඩුවක්

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා නිසා රුපියල් මිලියන 173ක පාඩුවක්

පොලිස් මූල්‍ය වංචා කොට්ඨාශය විසින් ඊයේ(16) හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහතාගෙන් රුපියල් බිලියන දෙකකට අධික මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

ඒ අනුව රුපියල් බිලියන දෙකකට වඩා වාහන නිකුත් කිරීමකට මුල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශන වලට අදාළව ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එම වාහන 66ක් ජනාධිපති ලේකම් කාර්යාලයට ද තවත් වාහන 33ක් මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් සමාගමකට ද පවරා ඇත.

සජින් වාස් මන්ත්‍රීවරයාගේ සමාගමට දුන් වාහන සඳහා මාස 08ත් 10ත් අතර කාලයක් වාරික ගෙවා නොමැත. එසේම එම වාහන යළි අත්පත් කර නොගන්නා ලෙසට ගාමිණී සේදර සෙනරත් මහතා විශේෂ නියෝගයක් ද ලබා දී තිබේ.

මේ හේතුවෙන් අදාළ මූල්‍ය ආයතනයට රුපියල් මිලියන 173ක පාඩුවක් ද සිදුව ඇත.

Share this: