ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණයේදී තමාගේ ආසනය ලබා දීමට කිසිදු අවස්ථාවක පැකිලිමක් නොමැති බවයි.
මේ බව අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ නව අමාත්‍ය ධුර ලබා ගැනීමේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආසනය ලබාදීමේ තීරණය වෙනස් වී ඇත්දැයි අමාත්‍යවරයාගෙන් සිදු කල විමසීමකදීය.
එවිට අමාත්‍යවරයා පැවසුවේ තමන් විසින් කිසිදිනක කියු දෙයක් කඩ කර නොමැති බවය.
එමෙන්ම හම්බන්තොට ආසනය අවශ්‍ය නම් හිටපු ජනාධිපතිවරයාට ලබා දී තමන් වෙනත් ප්‍රදේශයකින් මැතිවරණයට ඉදිරිපත්වීමට වුව ද සුදානම් බව අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Share this: