හිටපු ජනපතිගේ බොරුව මුදල් අමාත්‍යංශය හෙළි කරයි

හිටපු ජනපතිගේ බොරුව මුදල් අමාත්‍යංශය හෙළි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් පිළිබදව මුදල් අමාත්‍යංශය කරැණු පහදා ඇත. නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් එතනෝල් ආනයනය කිරිම සඳහා අලුතෙන් බලපත්‍රය 28 ක් නිකුත් කර ඇතැයි යන එම ප්‍රකාශය මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

නව රජයෙන් මාස තුනක් ඇතුළත එතනෝල් බලපත්‍ර 28 ක් ලබාදී ඇති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කී ඇතැයි හිටපු ජනාධිපතිතුමන් මෑතකදී ප්‍රකාශ කර තිබිණි. මෙය මහ ජනතාව නොමග යැවෙන සුළු ප්‍රකාශයක් බවත් එය සත්‍යය විකෘති කිරිමක් බවත් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

Share this: