හිටපු ජනපතිගේ ආරක්ෂක රථ සීමා කෙරේ

හිටපු ජනපතිගේ ආරක්ෂක රථ සීමා කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. රාජපක්ෂ මහතාගේ ආරක්ෂක පරිවාර රථ අඩුකර ඇති බවයි.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති ආරක්ෂක අංශයට ලබාදී තිබුණු පරිවාර ආරක්ෂක රථ කිහිපයක් යළි බාරදී ඇත.

කෙසේ වුවද පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ‘ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය’ මගින් පොදුවේ ජනාධිපති වරයෙකුට සලසන ලද ආරක්ෂාව ‘හිටපු ජනාධිපතිවරයෙකුට’ ඒ ආකාරයෙන්ම නොලැබෙන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයාව සිටි අවදියේ සපයන ලද ආරක්ෂක නිලධාරීන් මෙන්ම පරිවාර ආරක්ෂක රථද, ධූරයෙන් ඉවත්වූ පසු පවත්නා විධිවිධාන අනුව අඩුකෙරෙන බවයි.

තවද පොදුවේ හිටපු ජනාධිපතිවරුන්ට සලසන අන්දමේ ප්‍රමාණවත් ආරක්ෂාවක් හා පරිවාර ආරක්ෂක රථ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබාදී ඇති බවයි.

Share this: