පසුගිය රජය සමයේ, දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා සහය ලබා දීමට ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට පැමිණෙන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසි.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
තවද එම ප්‍රකාශය ලබා ගැනීම සදහා රාජපක්ෂ මහතාට දැන්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් බෙලිඅත්ත මැද මුලන වලව්වට ඊයේ (26) යවා තිබේ.
එය එසේ උවද, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගය එදිනම ගම්පහ ඔරුතොට තම කාර්යාලයට භාරදුන් බවත් තම අනුදැනුම මත එය භාරගත් බවයි.
දැනට එක්සත් ජනපදයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගොස් සිටින රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි විගස රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බව සිය සේවාදායකයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට දන්වා ඇති අතර එහි පිටපත් නීතිපති සහ පොලිස්පති වෙතද යොමුකර ඇත.
තවද ඔව්හු සදහන් කලේ, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ එම පරික්ෂණ සඳහා සිය සේවාදායකයාගේ සම්පුර්ණ සහාය ලබාදෙන බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.