පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කල , එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස් වන බවද ,එම පරාජයේ සම්පුර්ණ වගකීම තමන් භාරගන්නා බවද කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඉදිරියට කටයුතු කරන බව, ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත. මැතිවරණ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට මැතිවරණ කොමසාරිස් ඇතුළු සැමගේම සහය ලැබුණු බවද තව දුරටත් එහි සදහන් වී තිබිණි.
Share this: