හැරී කුමරු ලෝක වාර්තාවක් තබන්න සමත් වෙයි!

හැරී කුමරු ලෝක වාර්තාවක් තබන්න සමත් වෙයි!

ලොව පුරා විශේෂ කතාබහට ලක්වූ එක්සත් රාජධානියේ හැරී කුමරු විසින් රචිත “Spare” කෘතිය නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ලොව වේගයෙන්ම අලෙවි වන ප්‍රබන්ධ නොවන ග්‍රන්ථය බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

“Spare” එහි පළමු දිනයේම පිටපත් මිලියන 1.43 ක් එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අලෙවි වූ බව වාර්තාව පවසයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති ඔබාමා විසින් 2020 වසරේ ප්‍රකාශයට පත් කරන ලද “A Promised Land” නම් කෘතියයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පොත ප්‍රකාශයට පත් කළ දිනයේ පිටපත් 887,000ක් අලෙවි වී ඇති බවයි.

මෙම කෘතිය භාෂා 15කින් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

Share this: