හැමෝම රජ කරන්න ඕනෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

හැමෝම රජ කරන්න ඕනෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, තමාට අවශ්‍ය වන්නේ රජ පවුලක් ස්ථාපිත කිරීමට නොව සියලුම දෙනා රජ කරවන්නට යයි පැවසුහ.

අද(28) කොළඹ පැවති පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සමග යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධ මහජන ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ, ඒ වෙනුවෙන් සියලුම පුරවැසි හා සිවිල් සංවිධාන එක්ව කටයුතු කරන බවයි.

ඩී.එස්-ඩඩ්ලිලාගේ යුගවලදී ‍පවා මෙවැනි ජාතික පොදු අවශ්‍යතා වෙනුවෙන් දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධානද එක්ව ගිවිසුම් සහගතව කටයුතු කළ බවත්, පසුව එකී අරමුණ ජයග්‍රහණය කිරීමෙන් පසු යළි වෙන්ව තම අරමුණු වෙනුවෙන් ක්‍රියා කළ බවත්, එහි කිසිදු ගැටළුවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නැවත ස්ථාපිත කිරීම සඳහා ගෙවුණු ජනවාරි 08 වන දිනයේ සහයෝගයෙන් ගොඩනැඟුණු ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ යුතුව ඇති බවත්, ඒ වෙනුවෙන් ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

Share this: