ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගනුදෙනු කිරීමේදී දූපත් රටක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලෝක බලවතුන්ගේ අරගලයේදී ශ්‍රී ලංකාව කැඩෙන්නේ නැතිව සියලු රටවල් සමඟ මිත්‍රශීලී සහයෝගීතාවයෙන් කටයුතු කිරීමෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව හොඳ මට්ටමකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17) පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ 97 වැනි ශිෂ්‍යභට භටයින් විසිරයාමේ පෙළපාලියට එක්වෙමිනි.
Share this: