“හාන්ස්” කිලෝග්‍රැම් 8ක් සමග පුත්ගලයකු අත්අඩංගුවට

“හාන්ස්” කිලෝග්‍රැම් 8ක් සමග පුත්ගලයකු අත්අඩංගුවට

“හාන්ස්“ නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන ආ මෙම “හාන්ස්“, ඉන්දියාවේ සිට පැමිණි යූ.එල්.128 දරණ ගුවන් යානයෙන් මොහු දිවයිනට අරගෙන ඇවිත් ඇත.

ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන අතේ,
ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබියදීය.

තවද, හාන්ස් මත්ද්‍රව්‍ය පැකට් 600ක් මෙලෙස සොයාගෙන ඇති අතර ඒවායේ බර කිලෝග්‍රැම් 8ක් පමණ වන බව ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේය.

Share this: