හ්රෝයින් කිලෝ දසදසහසකට වඩා සඟවා තිබෙනවා

හ්රෝයින් කිලෝ දසදසහසකට වඩා සඟවා තිබෙනවා

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ, මත්කුඩු කිලෝග්‍රෑම් දස දහසකට අධික ප්‍රමාණයක් රට තුළ සඟවා ඇති බව

වාර්ෂිකව රට තුළ මත්කුඩු කිලෝග්‍රෑම් දහසක් පමණ භාවිත වන බව එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.

තවද, සුළු පරිමාණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ ජාවාරම්කරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත එම ජාවාරම්වලට සම්බන්ධ දේශපාලකයින්ගේ ලැයිස්තුවක් ඇති බවට සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමාට ජීවිත තර්ජන පවතින බවට වෛද්‍ය නිලංග සමරසිංහ මහතා බලධාරීන් වෙත දැනුම් දී තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ඊයේ දහවල් දක්වා ඔහුට පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව සලසා දී ඇති අතර මේ වන විට ඇමති ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව සපයා දී ඇත.

Share this: