හවුල් ආණ්ඩුවකින් රටට සෙතක් නෑ! -ගැමුණු විජේරත්න

හවුල් ආණ්ඩුවකින් රටට සෙතක් නෑ! -ගැමුණු විජේරත්න

මේ බිහිව ඇත්තේ ජාතික ආණ්ඩුවක් නොව හවුල් ආණ්ඩුවක් බවත්, ජාතික ආණ්ඩුවක් බිහිවීමට නම් සියලු පක්ෂ එක්විය යුතු බවත් ඉකුත් ජනවාරි මස 08 වෙනිදින ජනාධිපතිවරණය ජයගැනීමටත්, පසුගියදා පැවති මහමැතිවරණය ජයගැනීමටත් තම සංගමය සහය දුන් බවත් පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ජනමතයට පිටුපා පාර්ලිමේන්තුවේ බහුතරය නැති පිරිස් එක්ව ආණ්ඩු බලය පිහිටුවනු ලැබුවහොත් මෙම ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමට කටයුතු කරන බවද හවුල් ආණ්ඩු වලින් රටකට සිදුවන සෙතක් නොමැති බවත්,මේවන විට තේ, රබර්, පොල් මිල පහලවැටී ඇති බවත්, ගොවීන්ට වී විකුණාගත නොහැකි මට්ටමට පත්ව ඇති බවත්, රට අරාජිකවී ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට එමගින් පිරිසිදු දේශපාලනයක නිරතවීමට නොහැකිවන බවත් විජේරත්න මහතා සඳහන් කළේය.

Share this: