හරූන් ලන්ත්‍රා දිවියෙන් සමුගනියි

හරූන් ලන්ත්‍රා දිවියෙන් සමුගනියි

අද අලුයම ප්‍රවීණ ගායන ශිල්පි හරූන් ලන්ත්‍රා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කැලණිය, පොල්හේන ඒ මහතාගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

කලක් රෝගාතුරව සිටි හරූන් ලන්ත්‍රා මහතා මියයන විට 83 වැනි වියේ පසු වුයේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිත අතර දහවල් කොළඹ කලාභවනට දේහය ගෙන ඒමට නියමිතය තිබේ.

සුලං කුරුල්ලෝ, මගේ නාමලී, ආනන්ද මේ රෑ වැනි ගීත ඔහු විසින් ගායනා කරන ලද අතර, ඒවා ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.

Share this: