විවිධ ප්‍රදේශ වලින් පසුගිය දින වල සොයා ගන්නා ලද මෘත ශරීර කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ, මේ වන විට අදාළ ශරීර කොටස් කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවත්, එය පරීක්ෂණ කටයුතු වලට බාධාවක් බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඇති ශරීර කොටස් කොළඹ ජාතික රෝහලට රැගෙන යෑමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
තවද හමුවූ ශරීර කොටස් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සිදු කරන බවද ඒ මහතා පැවසුවේය.
පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර කොටස් මේ වන විට හමුවී ඇති නමුත්, ඔවුන් අතුරුදහන් වු බවට මෙතෙක් තොරතුරක් නොලැබී ඇති බව, හෙතෙම සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ ශරීර කොටස් හෝ පුද්ලගයින් සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් ඇත්නම් 0112 320 145 යන දුරකථන අංකයට දැනුම දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.