හමුදාවේ 2ක් මරුට, 28කට තුවාල

හමුදාවේ 2ක් මරුට, 28කට තුවාල

කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වූ බසයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යුද හමුදා ට්‍රක් රථයක ගැටී ඇත.

මෙම අනතුරින්, යුද හමුදාවේ සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර, අද පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

තවද, අනතුරින් තුවාල ලැබූ 28 දෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

Share this: