හම්බන්තොට භිෂණයක් – අමාත්‍ය සජිත්

හම්බන්තොට භිෂණයක් – අමාත්‍ය සජිත්

නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, රටක පාලනය කළ රාජ්‍ය නායකයන්ට කිසිසේත් ඔබින්නේ නැති දේ මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදුවෙමින් පවතින බවයි.

සිතුල්පව්ව රජ මහා විහාරයේ පැවැති ජනහමුවක් අමතමින්, අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

තවද එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ දී මහා භීෂණකාරී වාතාවරණයක් නැවතත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අරඹා තිබෙන බවත්, විදුරු කලු කරගත් ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් වාහන නගරයක් පාසා යමින් ජනතාව සිය කැමැත්තෙන් ඉදි කළ තමන්ගේ කටවුට් විනාශ කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව හෙතෙම පැවසිය.

මේ නායකයින් කල යුතු වන්නේ එවැනි පහත් දේවලින් වැලකී පුණ්‍ය භුමීවලට පැමිණ පුජනීය මහා සංඝරත්නයෙන් අවවාද අනුශාසනා ලබා ගැනීම කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share this: