හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (13) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, එරාජ් ප්‍රනාන්දු මහතාව ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට අධිකරණය නියෝග නිකුත් කර තිබේ.
සැකකරු අද (13) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාව පසුගිය 29 වනදා අත්අඩංගුවට ගැනුනේ, 2014 මාර්තු මස 27 වනදා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට බහත්කාරයෙන් ඇතුළු වී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු රැගෙන යෑමට තැත් කිරීම සහ පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ වැදී තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙනි.
කොළඹ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම නඩුව අධිකරණ වෙත යොමු කර ඇත.
Share this: