හම්බන්තොට නගරාධිපතිටත් අසනීප වෙලා

හම්බන්තොට නගරාධිපතිටත් අසනීප වෙලා

හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (13) නියෝග කරන ලද්දේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

නමුත් ඊට පෙර හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (13) දහවල් හදිසියේ රෝගී වීම හේතුවෙන් හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව නගරාධිපතිවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ සිට තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී තම පපුව ප්‍රදේශයේ දැඩි වේදනාවක් පවතින බව බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබේ. අනතුරුව නගරාධිපතිවරයාව ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

අම්බලන්තොට පොලිස් ස්ථානයට ඇතුළු වී අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

Share this: