හම්බන්තොට යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අඟහරුවාදා (28) පැවසීය.
අමාත්‍ය විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත තෙල් පිරිපහදුවට අදාළ සමාගම් පෙරේදා දිනය වන විට EOI ඉදිරිපත් කර ඇති බවයි.
තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOIs ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම (RFP) නිකුත් කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
2023 ජනවාරි මාසයේදී, හම්බන්තොට අපනයනය ඉලක්ක කරගත් තෙල් පිරිපහදුවක් පිහිටුවීම සඳහා කැමැත්ත ප්රකාශ කිරීමට බලශක්ති අමාත්යාංශයට කැබිනට් මණ්ඩලය අවසර දුන්නේය.
Share this: