කළුබෝවිල (දකුණු කොළඹ) ශික්ෂණ රෝහලේ නාඳුනන මළ සිරුරු භාර ගැනීම හෝ හිමිකම් කියන්නන් නොමැති මළ සිරුරු භාර ගැනීම තාවකාලිකව නතර කිරීමට පරිපාලනය තීරණය කර තිබේ.
රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත ශරීර තැන්පත් කිරීම සඳහා පහසුකම් සලසා ඇති අධිශීතකරණ 36 න් 28 ක්ම පසුගිය වසරකුත් මාස දෙකක කාලයක සිට හිමිකම් නොලබන මළ සිරුරු තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මෙම සිරුරු අතර විවිධ පොලිස් ස්ථාන මගින් භාරදුන් මළ සිරුරු ද, රෝහලේදී මියගිය අය ද සිටිති.
Share this: