හදිසි විදුලිය බිඳ වැටීමේ වාර්තාව නිකුත් වේ.

හදිසි විදුලිය බිඳ වැටීමේ වාර්තාව නිකුත් වේ.

මුළු දිවයිනටම බලපාන පරිදි පසුගියදා සිදුවු විදුලිය බිදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාව විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී තිබේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.සී.වික්‍රමසේකර මහතා සඳහන් කළේ අද පස්වරුවේ අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම් බී.එම්.එස්.බටගොඩ මහතා වෙත භාරදුන් බවයි.

විදුලිය බිඳවැටීම සිදුවු අවස්ථාවේ සිට එය යථා තත්ත්වයට පත්කිරීමේ අවස්ථාව දක්වා තොරතුරු මෙම මූලික විමර්ශන වාර්තාවට ඇතුළත් කර ඇත.

සාමාන්‍යාධිකාරී එම්.සී.වික්‍රමසේකර මහතා පැවසුවේ අදාළ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් වන තාක්ෂණික වාර්තාව ද මේ වන විට සකස් කරමින් පවතින බවයි.

විදුලිය බිඳවැටීමට හේතු වු කරුණු සහ එවැනි බිඳවැටීමක් යළිත් ඇතිවීම වළක්වා ගැනීම පිළිබඳ එම තාක්ෂණික වාර්තාවෙන් සොයාබැලෙන බව ඔහු කියා සිටියේය.

පසුගිය 27 වැනිදා මැදියම් රැයේ විදුලි සැපයුම මුළු දිවයිනටම බලපාන පරිදි බිඳ වැටී තිබූ අතර ඒ ගැන පරීක්ෂණ කර වාර්තාවක් ලබාදෙන ලෙස විෂයබාර ඇමති රංජිත් සියඹලාපිටිය මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.

Share this: