හදිසි මැතිවරණයක් අනවශ්‍යි – ඇමති අර්ජුන

හදිසි මැතිවරණයක් අනවශ්‍යි – ඇමති අර්ජුන

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දැන්ම නොපැවැත්විය යුතු බවයි.

අමාත්‍යවරයා මේබව පෙන්වා දෙන්නේ ලද්දේ සියලු ජන කොටස් සහ පක්ෂ නායකයින් එකම වේදිකාවකට පැමිණ සිටින මේ මොහොත රට ගොඩනැඟීම සඳහා ඇති හොඳම අවස්ථාව වන බවයි.

තවද මේ හේතුවෙන් ජාතික ආණ්ඩු සංකල්පය සවිබල ගන්වමින් වත්මන් ආණ්ඩුවට තවත් වසර පහක් දක්වා ක්‍රියාත්මක වීමට අවස්ථාව දිය යුතු යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා අවධාරණය කරයි.

“මේ රටේ සියලුම ජනකොටස් එකතු වී ඇති කළ ආණ්ඩුවක් මේක. මට හෙට දුන්නොත් තීරණයක් ගන්න කියලා, මම කියනවා මේ ආණ්ඩුව ගෙනියන්න ඕන අවුරුදු 5ක්. ඡන්ද තියන්න එපා අවුරුදු 5ක්. ආණ්ඩුව ගෙනියන්න. මොකද මෙය තමයි රට හදන්න පුළුවන් හොඳම අවස්ථාව. හොරකම් කරන්නේ නැති ජනාධිපතිවරයෙක් ඉන්නවා. හොරකම් කරන්නේ නැති අගමැතිවරයෙක් ඉන්නවා. දැන් මේ සියල්ලමත් එක්ක පසුගිය අවුරුදු 9දී ආපස්සට ගිය රට ඉදිරි අවුරුදු 5දී ඉදිරියට ගෙනියන්න පුළුවන් වේවි.“ යැයි ඒ මහතා ප්‍රකාශ කළහ.

ඒ මහතා වැඩිදුරටක් සදහන් කරන ලද්දේ නව දේශපාලන සංස්කෘතිය මත පදනම් වූ වත්මන් ආණ්ඩුව තව අවුරුදු 5ක් පැවතියහොත්, රට අවුරුදු 25කින් ඉදිරියට ගෙන යා හැකි බවයි.

Share this: