හදිසි අනතුරකින් එම්.ජී රෝහල් ගත වේ

හදිසි අනතුරකින් එම්.ජී රෝහල් ගත වේ

නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක (දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්) හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රීයේ ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උස්වැව ප්‍රදේශයේදී මොහු ගමන්ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් බව සඳහන්ය.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එම්.ජී ධනුෂ්ක හා ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.

ගායන ශිල්පි එම්.ජී ධනුෂ්ක සුළු තුවාල ලබා ඇති බවත්, තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් අප වෙත කියා සිටියේය.

Share this: