සෞඛ්‍ය අමාත්‍යාංශය රාජිතට ලැබුනොත් කරන වෙනස්කම් කියයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය රාජිතට ලැබුනොත් කරන වෙනස්කම් කියයි!

තමාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය හිමි වුවහොත් පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

පිළිකා රෝගීන් ඇතුළු ආහාර සහ අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව කිහිප දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

මර්දනයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ රට පවතින අර්බුදයෙන් ගොඩගැනීම සැමගේ වගකීමක් බවයි.

Share this: