දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් අනතුරුව එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු ලොරි රථයකින් යට කර අනතුරට ලක්කර ඇත.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රි කිසියම් පිරිසක් විසින් මෙම අනතුර සිදුකර ඇති බවයි.
පදියතලාව, කඩුපහර කෙහෙල්උල්ල ප්‍රදේශයේදී ලොරි රථයකට යටවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පැවසේ.
මෙහිදී, මියගොස් ඇත්තේ 28 සහ 29 හැවිරිදි කඩුපහර කෙහෙල්උල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සොහොයුරන් දෙදෙනෙක් වන අතර, බරපතළ තුවාල ලැබු අනෙක් පුද්ගලයා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.
අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
Share this: