සොරකම් සම්බන්ධයෙන් “රෝස්වුඩ් වත්තේ සුද්දා” ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

සොරකම් සම්බන්ධයෙන් “රෝස්වුඩ් වත්තේ සුද්දා” ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් සොරකම් කළ “රෝස්වුඩ් වත්තේ සුද්දා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නමගිය අපරාධකරුවෙකු ඇතුළු තිදෙනෙකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට තරුණයින් පිරිසක් පැමිණි වෑන් රථයක් තුළ සිට රුපියල් ලක්ෂයක්, විදේශ මුදල් නෝට්ටු සහ ස්පීකරයක් මෙලෙස සොරාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර සොරාගත් භාණ්ඩ අලෙවි කිරීමට භාර ගත් පුද්ගලයා සහ ඒවා මිලදී ගත් පුද්ගලයා ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

Share this: