සොයිසාපුර ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්!

සොයිසාපුර ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්!

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ඇති වු ගින්න මැඩපවත්වා තිබේ.

ඊයේ රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති අතර මොරටුව ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වෙයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතේ භාණ්ඩ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක ද ඊයේ රාත්‍රී හදිසි ගින්නක් හටගෙන තිබුණි.

ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශාවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර සිදුවු දේපළ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: