සේවිකාවට පහරදුන් විනිසුරුට කටඋත්තර නැ

සේවිකාවට පහරදුන් විනිසුරුට කටඋත්තර නැ

තම නිවසේ සේවය කරපු සේවිකාවකට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පොලීසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම විනිසුරුවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක තමාට පහරදුන් බව පවසමින් පසුගිය 26 වනදින ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පසුගිය (29) පස්වරුවේ පොලිස් කණ්ඩායමක් එම විනිසුරුවරයාගේ නිවසට ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාරී පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

නමුත් විනිසුරුවරයා විසින් ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේය.

Share this: