කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතන නඩුවේ සාක්ෂි කැඳවීම අද ආරම්භ විය.
මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න මහත්මිය හමුවේ අද එම සාක්ෂි විමසීම ආරම්භ වූ බව අප වාර්තාකරු පැවසීය.
අද සාක්ෂි විමසීමේ අවස්ථාවට මෙහි ප්‍රධාන සැකකරු සමන් ජයලත් මෙන්ම සේයා දැරියගේ මව්පියන් ඇතුළු ඥාතීන් කිහිප දෙනෙකු පැමිණ සිටි බවද අප වාර්තාකරු කීවේය.
ඒ අනූව මෙම නඩුවේ සාක්ෂි විභාගය අද සිට අඛණ්ඩව සිදුකෙරෙයි.
Share this: