සෙල්ලම් පිස්තෝලෙන් සේලං කල නගරාධිපති අත්අඩංගු‍වේ

සෙල්ලම් පිස්තෝලෙන් සේලං කල නගරාධිපති අත්අඩංගු‍වේ

2014 වසරේදී අම්බලන්තොට පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකුට පහරදී එම සැකකරු රැගෙනයාමට උත්සාහ දැරීමේ චෝදනාව මත හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රුවන් ගුණසේකර මහතා තවදුරටත්, පැවසුවේය.

Share this: