ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඔහු මෙලෙස අස්වීමට තීරණය කර අතේ, තමාට එරෙහිව ඇති දූෂණ චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට බව හෙතෙම මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
ලෝක පාපන්දු ක්‍රීඩාවේ අනාගතයටත්, කටාර් හා රුසියාව තුළ පැවැත්වීමට නියමිත ඉදිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලින් වලටද මෙමගින් යම් බලපෑමක් එල්ලවනු ඇතැයි ලෝක පාපන්දු ලෝලීන් සක පහලකරයි.
තවද, පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ තනතුර 17 වසරක් පුරාවට උසුළා තිබේ.
Share this: