” සූර්ය මංගල්‍යයේ අලූත් අවුරුදු එළිය ” ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම   ජනපති සුරතින්  ජනතා අයිතියට

” සූර්ය මංගල්‍යයේ අලූත් අවුරුදු එළිය ” ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම ජනපති සුරතින් ජනතා අයිතියට

උදාවන සිංහල, දෙමළ අලූත් අවුරුද්දට පෙර ග්‍රාමීය පවුල් 12,850 කට විදුලි පහසුකම් ලබාදීමේ සූර්ය මංගල්‍යයේ අලූත් අවුරුදු එළිය ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම ජනතා අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
 
ග්‍රාමීය ජනතාවට විදුලිය ලබාදීම සදහා දියත් කරන ලද ,විදුලමු ලංකා, ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රමය යටතේ මෙම වැඩසටහන කි්‍රයාවට නංවා ඇත. 
 
එක් එක් දිස්ති්‍රක්ක තුළ මේ වන විට වැඩ නිම කර ඇති විදුලි යෝජනා ක්‍රම හා විදුලි දිගු 758 ක් මේ යටතේ අද දින බලගැන්වීම සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය සදහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 1,975 කි. 
 
සංකේතාත්මකව එම විදුලි යෝජනා ක්‍රම හා විදුලි දිගු බලගැන්වීම මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය. 
 
විදුලිබල හ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.එස්. බටගොඩ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප – නිශාංක ද සිල්වා
Share this: