සුළු පක්ෂ මොනවද කීවේ සජිත් හෙට තෙක් රහස රැකගනී

සුළු පක්ෂ මොනවද කීවේ සජිත් හෙට තෙක් රහස රැකගනී

එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්‍ෂ සමඟ පෙරේදා (14) රාත‍්‍රී පැවැති සාකච්ඡුාවේදී ඇතිකරගනු ලැබූ එකඟතාවයන් පිළිබඳව හෙට (17) පැවැත්වෙන කැබිනට් රැුස්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත දැනුම් දීමට ‘සජිත් පාර්ශ්වය’ තීරණය කර ඇත.

මෙම සාකච්ඡාව මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැති අතර ඒ සඳහා පාඨලී චම්පික, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන්, පී. දිගම්බරන් යන ඇමැතිවරුන් සහභාගී වී ඇත. එසේම සජිත් පේ‍්‍රමදාස මහතාට අමතරව මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර, එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන්ද සහභාගි වී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීමේ අරමුණ පිළිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා මෙම සාකච්ඡුාව පැවැත්විණි.

පසුගිය 10 වැනිදා අගමැතිවරයා හා සජිත් පේ‍්‍රමදාස මහතා අතර පැවැති සාකච්ඡුාවකදී සුළු පක්‍ෂවල සහයෝගය ලබාගන්නා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ප‍්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් මේ සාකච්ඡුාව සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහභාගිවී නැත. රාජිත සේනාරත්න මහතා හා සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් ඉදිරියේදී පැවැත්වෙනු ඇත.

පෙරේදා පැවැති සාකච්ඡුාව රාත‍්‍රී 9.30 ට ආරම්භ වී ඇති අතර එය පුරා පැය දෙකක් පමණ පැවැත්වී තිබේ. මෙම සාකච්ඡුාව සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගිවී ඇත්තේ මඳක් ප‍්‍රමාදවීය.

පෙරේදා පැවැති සාකච්ඡුාව අතිශයින් සාර්ථක වූ බව සජිත් පේ‍්‍රමදාස මහතා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබිණි. මෙම සාකච්ඡුාවේදී වැදගත් තීන්දු රැුසක් ගනු ලැබූ බව මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කර තිබේ. එජාප ජනපති අපේක්‍ෂකයා තේරීම ඉක්මනින්ම සිදුකරන බවත් ගනේෂන් මහතා කියා සිටියේය.

Share this: