නව රජයේ අතුරුයවෙයෙන්, මධ්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම් වලින් මාසයකට රුපියල් මිලියන 200 ක බද්දක් අයකිරීම සඳහා නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මේ අනුව කුඩා පරිමාණයේ මධ්‍යසාර නිෂ්පාදකයින්ගේ සේවක සංගමයට, මෙරට මධ්‍යසාර නිෂ්පාදකයින්ගෙන් මසකට රුපියල් මිලියන 200 ක බද්දක් අය කිරීමට නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබීම හමුවේ තම සමාගම් අප්‍රේල් මාසයේ සිට වසා දැමීමට සිදුව තිබෙන බව එම සංගම් ප්‍රකාශ කරයි.
මේ නිසා, ලබන අප්‍රේල් මාසයේ සිට කුඩා පරිමාණයේ නිෂ්පාදනාගාර වසා දැමීමට සිදුවන බවත් මේ නිසා පවුල් 4000 කගේ පමණ ජීවනෝපාය අහිමිවනු ඇතයි, බියක් පලවී ඇත.
Share this: