“සුරංගනීට මාලු ගෙනාවා…” ගීතය ගයනා කරමින් ඉන්දීය හමුදා සාමාජිකයන් අගමැති මෝදි සමග දීපවාලි සමරයි! (VIDEO)

“සුරංගනීට මාලු ගෙනාවා…” ගීතය ගයනා කරමින් ඉන්දීය හමුදා සාමාජිකයන් අගමැති මෝදි සමග දීපවාලි සමරයි! (VIDEO)

කාර්ගිල් ප්‍රදේශයේ ආරක්ෂාවේ නිරතව සිටින ඉන්දීය හමුදා සාමාජිකයන් සමග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දීපවාලි උත්සවය සැමරුවාය.

අගමැති නරේන්ද්‍ර මෝදි හමුදා සාමාජිකයන්ට රසකැවිලි කවන විට හමුදා සාමාජිකයන් ‘සුරාංගනී… සුරාංගනී… සුරංගනීට මාලු ගෙනාවා…’ ගීතය ගයනා කළේය.

මෙම ජනප්‍රිය ගීතය ගායනා කොට ඇත්තේ ලංකාවේ ජිවත් වූ ඒ්. ඊ. මනෝහර් නමැති ඉන්දීය දෙමළ ජාතික ගායකයෙකි.

70 දශකයේ මෙම ගීතය විශාල ලෙස ජනප්‍රිය වූ අතර පසුව මනෝහර් ඉන්දීය දෙමළ සිනමාවට නළුවකු මෙන්ම ගායකයකු වශයෙන් පිවිස ප්‍රසිද්ධියට පත්විය.

Share this: