සුමාත්‍රා ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක්!

සුමාත්‍රා ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක්!

ඉන්දුනීසියාවේ සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 6.0ක් ලෙස සටහන් වූ බවයි.

එරට වේලාවෙන් පෙරවරු 6.30ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති බව පැවසෙන අතර, මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

Share this: